ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500ක්

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500ක්

ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර එකඟතාවයකට එළැඹීමට නියමිතය.

එම එකඟතාවය යටතේ ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500 මුදලක් ලැබෙයි.

අදාළ අරමුදල් ලබාගැනීම සඳහා කැබිනට් මණ්ඩල එකඟතාවය හිමිව ඇත.

පසුගිය මාර්තු මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟ වූ ඩොලර් 2.9ක විස්තීර්ණ ණය පහසුකමෙන් අනතුරුව මෙරටට ලැබුණු විශාලතම මුල්‍ය සහාය මෙය වේ.

පසුගිය සතියේ දී ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ, ලෝක බැංකුව මඟින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක මුදලක් ලබාදීමට අනුමත කර ඇති බවය.

ඒ අනුව ඉතිරි ඩොලර් මිලියන 200 සමාජ ආරක්ෂණ වැඩසටහන සඳහා ලබාදෙතැයි අපේක්ෂිතය.