මත්ද්‍රව්‍ය එන්නත් කරගන්නන් සංඛ්‍යාව ඉහළට

මත්ද්‍රව්‍ය එන්නත් කරගන්නන් සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව සියයට 18කින් ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබද කාර්යාලය පෙන්වා දෙනවා.
අදට යෙදී ඇති ලෝක මත්ද්‍රව්‍ය දුර්භාවිතය හා නීතිවිරෝධි ප්‍රවාහනය පිටුදැකීමේ දිනය වෙනුවෙන් විශේෂ වාර්තාවක් එළිදක්වමිනුයි ඔවුන් මේ බව පෙන්වා දෙන්නේ.
එහි දත්තවලට අනුව ලොව පුරා මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් සංඛ්‍යාව මිලියන 296ක්.
පසුගිය දශකයට සාපේක්ෂව එය සියයට 23කින් ඉහළ ගොස් ඇති බවයි සදහන් වන්නේ.
මත්ද්‍රව්‍ය හේතුවෙන් රෝගී වූවන් සංඛ්‍යාව ද සියයට 45කින් ඉහළ ගොස් තිබෙනවා.
එම සංඛ්‍යාව මිලියන 39.5ක්. ලොව පුරා සමාජ ආර්ථික ගැටලු රැසකට මත්ද්‍රව්‍ය හේතුවී ඇති බවයි මෙම වාර්තාවේ සදහන් වන්නේ.
මත්ද්‍රව්‍ය හේතුවෙන් අප්‍රිකාවේ ප්‍රතිකාර ලබන පිරිසෙන් සියයට 70ක්ම වයස අවුරුදු 35ට අඩු අය වීම විශේෂත්වයක්.