ටයිටන් ගැන විශේෂ විමර්ශනයක්

ටයිටන් ගැන විශේෂ විමර්ශනයක්

ටයිටන් සබ්මැරීනය යම් පිපිරීමකට ලක්වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය පියවර ගෙන තිබෙනවා

එහි ප්‍රධාන විමර්ශක කැප්ටන් Jason Neubauer පවසා තිබෙන්නේ විමර්ශනවල ප්‍රමුඛතාවය ලබාදෙන්නේ සබ්මැරීනයේ සුන්බුන් සොයා ගැනීම සඳහා බව සහ ජීවිත අහිමිවූ අයගේ කොටස් හමු වුවහොත් ඒ සඳහා පියවර ගන්නා බවයි.

ව්‍යසනයට හේතුව කුමක්ද යන්න තහවුරු කිරීමට උත්සාහ කරන බවත්, අනාගතයේදී මෙවැනි ඛේදවාචක වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කරන බවත් කැප්ටන් Jason Neubauer වැඩිදුරටත් පවසා තිබෙනවා

උතුරු අත්ලන්තික් සාගරයේ මුහුදුබත් වූ ටයිටැනික් නෞකාව නැරඹීමට ගොස් සිටියදී ටයිටන් සබ්මැරීනය අනතුරුට ලක්වීමෙන් එහි ගමන් කළ පුද්ගලයින් 5 දෙනෙකු මිය ගියා

අනතුර සම්බන්ධයෙන් සමුද්‍ර විමර්ශන මණ්ඩලයක සහාය ලබාගනිමින් එම විමර්ශනය සිදුකිරීමට සැලසුම් කර ඇති අතර අදාළ විමර්ශනය සඳහා සබ්මැරීනය අනතුරට ලක්වූ ස්ථානය සිතියම් ගත කිරීමට ද ලක්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ සඳහා ප්‍රංශය, කැනඩාව, බ්‍රිතාන්‍ය යන රටවල්වල සහයෝගය හිමිවීමට නියමිතයි.

මෙම පරික්ෂණයෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත අතර අනාගතයේ දී මෙවැනි අනතුරක් සිදුනොවීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට ද පියවර ගන්නා බව අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය සඳහන් කර තිබෙනවා.

https://tinyurl.com/yw6e7xt6

COMMENTS