එළවළු මිල තවදුරටත් ඉහළට

එළවළු මිල තවදුරටත් ඉහළට

වෙළඳපළේ එළවළු මිල ගණන් තවදුරටත් ඉහළ අගයක පවතිනවා.

කැරට්, බෝංචි, බණ්ඩක්කා, බටු, කරවිල, බීට් රූට්, පතෝල, වැටකොළු ආදි එළවළු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 600 දක්වා ඉහළ ගොස් ඇති බවයි වෙළඳපළ ආරංචි මාර්ග සඳහන් කළේ.

පසුගිය කාල සීමාවේදී මිල පහත වැටුණු පතෝල කිලෝග්‍රෑමයක් රුපියල් 400 දක්වාත්, කරවිල කිලෝග්‍රෑමයක් රුපියල් 600 දක්වාත්, වැටකොළු කිලෝග්‍රෑමයක් රුපියල් 500 දක්වා ඉහළගොස් ඇති බවයි එළවළු වෙළඳුන් ප්‍රකාශ කළේ.