උද්ධමන අනුපාතය මැයි මාසයේදී පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) මගින් මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය 2023 මැයි මාසයේදී 25.2% දක්වා අඩු වී ඇති අතර එය අප්‍රේල් මාසයේ 35.3%ට සාපේක්ෂව අඩු වී තිබෙනවා.
ආහාර උද්ධමනය ද මැයි මාසයේදී පහත වැටුණු අතර අප්‍රේල් මාසයේදී 30.6% සිට 21.5% දක්වා පහත වැටී තිබුණි.
මේ අතර ආහාර නොවන උද්ධමනය අප්‍රේල් මාසයේදී 37.6% සිට මැයි මාසයේදී 27% දක්වා අඩු වී ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ.