ධීවරයින්ට අද නොමිලේ භූමිතෙල්

චීන රජය විසින් ලබාදුන් භූමිතෙල් මෙරට ධීවර ජනතාවට නොමිලයේ බෙදාදීම අද (23) සිදු කෙරෙන බව ධීවර අමාත්‍යාංශය පවසනවා.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සහ මෙරට චීන තානාපති චී ෂෙන් හොන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පානදුර ධීවර වරායේදී භූමිතෙල් බෙදාදීම සිදු කරන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
එහිදී භූමිතෙල් ඉන්ධන භාවිත කරන බෝට්ටු 26,000කට භූමිතෙල් ලීටර් 150 බැගින් බෙදාදීමට නියමිතයි.