කෝටි 7ක රත්රන් සමඟ පාර්ලිමේන්තු මන්ත්රී අලි සබ්රි කටුනායකදී අත්අඩංගුවට

පුත්තලම් දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අලි සබ්රි රහීම් රත්රන් කිලෝග්රෑම් 3.5ක් සමග කටුනායක ගුවන් තොටුපළේදී අද (මැයි 23) රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි රේගු ආරංචි මාර්ග පවසයි.
කිලෝ ග්රෑම් 3යි ග්රෑම් 500ක් බරැති රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා රත්රන් බිස්කට් තොගයක් සමග ඩුබායි සිට මෙරටට පැමිණ ඇති සැකකරු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව එම ආරංචි මාර්ග පැවසීය.
මෙම මන්ත්රීවරයා දිගු කලක් තිස්සේ මෙම ජාවාරම සිදු කර ඇති බව ත් , අද කොළඹ රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ, එහි විශේෂ අමුත්තන්ගේ මැදිරියේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව ත් වාර්තා වේ.
රේගු ආරංචි මාර්ග සඳහන් කළේ, ශ්රී ලංකා රේගු ඉතිහාසයේ, ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය භාවිත කර සිදු වූ දෙවන රන් සොරකම මෙය වන බව ය.
මීට පෙර 1978 වසරේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී අනුර ඩැනියෙල් රත්රන් තොගයක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය හරහා පිට කිරීමට තැත් කිරීමේදී රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබිණි.