උත්සව සමයේ ඉන්ධන අලෙවියේ වර්ධනයක්

උත්සව සමයේ ඉන්ධන අලෙවිය 80% කටත් වඩා ඉහළ වර්ධනයක් ලබාගෙන ඇති බව ඛනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
උත්සව සමය වෙනුවෙන් පවතින ඉන්ධන ඉල්ලුම අනුව ඉදිරි දින කිහිපය වෙනුවෙන් දෛනික ඉන්ධන බෙදාහැරීම ද ඉහළ නංවා තිබෙනවා.
ඒ අනුව දෛනිකව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික්ටොන් 4650ක් සහ ඩිසල් මෙට්‍රික් ටොන් 5500 බැගින් සියලු පළාත් අවරණය වන පරිදි බෙදාහරින බවයි අමාත්‍යවරයා පවසන්නේ.