අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා

සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා ආරම්භ කර ඇතැයි දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ. ඉදිපොළගේ මහතා පවසයි.
දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ. ඉදිපොළගේ මහතා පැවසුවේ, අප්‍රේල් මාසයේ රාත්‍රී 7.30 ට කොළඹ සිට බදුල්ල දක්වා දුම්රියක් සවස 5.20 ට බදුල්ල සිට කොළඹ දක්වා දුම්රියක් විශේෂ දුම්රියන් ලෙස ධාවනයට එක් කර ඇති බවයි.
තව ද අප්‍රේල් 05 වැනි දා සිට දිනපතා උදෑසන 6.30 කොටුව සිට බදුල්ල දක්වා ධාවනයට එක්කළ දුම්රිය හා බදුල්ල සිට කොටුව බලා උදෑසන 7.00 ට ධාවනයට එක්කළ දුම්රිය අප්‍රේල් 17 දක්වාම දිනපතා ධාවනයට එක්කර ඇත.
ඊට අමතරව අප්‍රේල් 15 හා 16 දින දෙකේම කොටුව සිට ගාල්ල දක්වා විශේෂ දුම්රියක් ධාවනයට යොදවා තිබේ.
16, 17 දින දෙකේ ගාල්ල සිට කොටුව දක්වා විශේෂ දුම්රියක් ධාවනයට යොදවා ඇති බව දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ. ඉදිපොළගේ මහතා පැවසීය.
මේ අතර අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ බස් සේවාවක් ද ක්‍රියාත්මක වේ.
ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඒ. එච්. පණ්ඩුක ස්වරණහංස මහතා පැවසුවේ, කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ ඇතුළු තෝරාගත් ප්‍රධාන නගරවල සිට මෙම බස් සේවා ක්‍රියාත්මක බවයි.
ලබන 18 වැනි දා දක්වා මේ බස් රථ සේවාව ක්‍රියාත්මක බව ද ඔහු පැවසීය.
මේ අතර අවශ්‍යතාව අනුව පෞද්ගලික බස් රථ ද ධාවනයට එක් කරන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.