පළාත් පාලන ආයතන සභිකයින් සංඛ්‍යාව සැලකියයුතු මට්ටමකින් අඩු කෙරේ

නව සීමානිර්ණ කොමිෂන් වාර්තාව අනුව පළාත් පාලන මැතිවරණයෙන් පත් කරගන්නා සභිකයින් සංඛ්‍යාව සැලකියයුතු මට්ටමකින් අඩුකර තිබේ.
ඒ අනුව පත්කර ගන්නා නව පළාත් පාලන සභිකයින් සංඛ්‍යාව 4,714ක් බව අදාළ වාර්තාව මගින් දක්වා තිබේ.
සීමානිර්ණ කමිටු වාර්තාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත අද (11) භාරදුන්නේය.
අද පෙරවරුවේ එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් අග්‍රාමාත්‍යවරයා වෙත අදාළ කමිටු වාර්තාව භාර දී තිබුණි.