සා/පෙළ තවත් කල් යයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය තවදුරටත් කල් යන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව එළඹෙන මැයි මස 15 වැනි දිනට පැවැත්වීමට නියමිතව තිබූ 2022 වසරට අදාළ සා/පෙළ විභාගය එදින පැවැත්වීමට නොහැකි බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් එය තවත් සති දෙකකින් කල් යන අතර, එය දැනට පැවැත්වීමට යෝජනා වී ඇත්තේ මැයි මස 29 වැනි දිනයි.
මීට පෙර පැවැත්වීමට නියමිත ව තිබූ 2022 සා/පෙළ විභාගය කල් යෑම සිදු වූයේ ආණ්ඩුවේ අදූරදර්ශී පාලනයට සහ බදු වැඩපිළිවෙළට එරෙහිව වෘත්තිකයින් විරෝධතා ආරම්භ කරමින් වැඩ වැරීම මත ගුරුවරුන් පවා උත්තර පත්‍ර පරීක්ෂාවෙන් ඉවත් වීම හේතුවෙනි.
කෙසේවෙතත් පසුගිය මස 07 වැනි දින (මාර්තු) අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන නිශ්චිත දිනයන් ඉදිරි සති දෙක තුළ ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බවයි.
එම ප්‍රකාශය කිරීමට පෙරයි මෙලෙස යළිත් සා/පෙළ විභාගය කල් දැමීමට සිදුවන බවට විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කරනු ලැබුවේ.