ඇමෙරිකාවේ රහසිගත තොරතුරු රැසක් එළියට ගියේ කෙසේදැයි පරීක්ෂණයක්
![ඇමෙරිකාවේ රහසිගත තොරතුරු රැසක් එළියට ගියේ කෙසේදැයි පරීක්ෂණයක් ඇමෙරිකාවේ රහසිගත තොරතුරු රැසක් එළියට ගියේ කෙසේදැයි පරීක්ෂණයක්](https://www.mynewslanka.com/wp-content/uploads/2023/04/amarica.jpg)
ඇමෙරිකාවේ රහසිගත තොරතුරු රැසක් හෙළිවීම පිළිබඳ පරීක්ෂණ අරම්භ කර තිබේ.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, ඉතා වැදගත් බුද්ධි ලේඛන කිහිපයක් මෙලෙස පිට වී ඇති බවයි .
යුක්රේනයේ ගුවන් ආරක්ෂණය පිළිබඳ මෙන්ම ඊශ්‍රායල ඔත්තු ඒජන්සිය පිළිබඳ අමෙරිකානු තොරතුරු රැසක්ද ඊට ඇතුළත් ය .
අමෙරිකානු බුද්ධි අංශ සැක පළ කරන්නේ , අමෙරිකානු ජාතිකයෙක් විසින්ම මෙය සිදු කරන්නට ඇති බවයි.
එමෙන්ම තවත් ආකාරයකින් මෙය රුසියාව විසින් සිදු කර ඇත්දැයි සෙවීම සඳහා ද විමර්ශන ආරම්භ කර තිබේ.
ලේඛන, වීඩියෝ පට ,ඡායාරූප ඇතුළුව රාජතාන්ත්‍රික තොරතුරු ලක්ෂ 7කට වැඩි ප්‍රමාණයක් අනාවරණය වී තිබේ.