ඩයනා අත්අඩංගුවට ගන්නවාද? නැද්ද? නියෝගයට දින නියම කරයි

ආගමන- විගමන පනතේ වැරදි සම්බන්ධයෙන් රාජ්ය ඇමතිනී ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කරන්නේ ද නැද්ද යන්න තීරණය ප්රකාශයට පත් කිරීමට දින නියම වී තිබෙනවා.
ඒ අනුව, කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය තීරණය කර තිබෙන්නේ, මෙම මස 24 වැනි දින මෙම නියෝගය නිකුත් කිරීමටයි.