කබ්රාල්ට එරෙහි බැඳුම්කර නඩුවක් ඉවතට

කබ්රාල්ට එරෙහි බැඳුම්කර නඩුවක් ඉවතට

අමෙරිකානු ඩොලර් මිලියන 500ක බැඳුම්කර වංචාවක් සිදු කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන අයට එරෙහිව ගොනු කර ඇති නඩුව නිෂ්ප්‍රභ කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද (6) නියෝග කළේ ය.

මෙම නඩුව තවදුරටත් පවරා පවත්වා ගෙන යාමට නොහැකි බව සඳහන් කරමින් විත්තියේ නීතිඥවරුන් මීට පෙර අධිකරණය හමුවේ ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගනිමින් මහේස්ත්‍රාත්වරයා මෙලෙස පැමිණිල්ල නිෂ්ප්‍රභ කිරීමට නියෝග කළේ ය.

COMMENTS