ඉන්ධන කෝටාව ඉහළට

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් දැනට පවතින ඉන්ධන කෝටාව ඉහළ දමා තිබෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.
ඒ අනුව ත්‍රිරෝද රථ කෝටාව ලීටර් 5 සිට 8 දක්වා ද, යතුරුපැදි කෝටාව ලීටර් 4 සිට 7 දක්වා ද, බස් රථවල කෝටාව ලීටර් 40 සිට 60 දක්වා ද, මෝටර් රථ ලීටර් 20 සිට 30 දක්වා ද, ලොරි සඳහා කෝටාව ලීටර් 50 සිට 75 දක්වා ද, විශේෂ කාර්ය වාහන සඳහා වන කෝටාව ලීටර 20 සිට 30 දක්වා සහ වෑන් රථ සඳහා වන ඉන්ධන කෝටාව ලීටර 20 සිට 30 දක්වා ද වැඩි කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ.
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අදාල තීරණය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර උත්සව සමයේ වැඩිවන අවශ්‍යතාවය අනුව මෙම තීරණය ගෙන තිබෙනවා.