ලොව ප්‍රධාන ඉන්ධන සැපයුම්කරුවන්ගෙන් අනපේක්ෂිත තීරණයක්
![ලොව ප්‍රධාන ඉන්ධන සැපයුම්කරුවන්ගෙන් අනපේක්ෂිත තීරණයක් ලොව ප්‍රධාන ඉන්ධන සැපයුම්කරුවන්ගෙන් අනපේක්ෂිත තීරණයක්](https://www.mynewslanka.com/wp-content/uploads/2023/04/world.jpg)
ලෝකයේ ප්‍රධාන ඉන්ධන සැපයුම්කරුවන් වන සෞදි අරාබිය සහ ඔපෙක් සාමාජික රටවල් සිය ඉන්ධන නිෂ්පාදනය සැලකිය යුතු ලෙස පහළ හෙළීමට තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි.
ඒ අනුව දෛනිකව බැරල් මිලියන 1.16ක් පමණ නිෂ්පාදනය අඩුකිරීමට එම රටවල් තීරණය කර තිබුණි.
ඒ අනුව මේ වනවිට රුසියාව සහ අනෙකුත් ඉන්ධන නිෂ්පාදනය කරන රටවල් නිෂ්පාදනය අඩුකිරීමට තීරණය කර ඇති බැවින් දෛනිකව අඩුකර ඇති ඉන්ධන නිෂ්පාදන ධාරිතාව බැරල් මිලියන 3.66ක් හෙවත් ලෝක ඉන්ධන ඉල්ලුමෙන් 3.7% බව දැක්වෙයි.
ඒ හේතුවෙන් ලෝක ඉන්ධන මිල ඉහළයාම නොවැළක්විය හැකි බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පැවසූ බව එම වාර්තාවේ සඳහන්ව තිබුණි.