ලිට්රෝ ගෑස් මිල අඩු වෙයි

ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
ලිට්රෝ ගෑස් සභාපති මුදිත පීරිස් සඳහන් කළේ, ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක බරැති ගෑස් සිලින්ඩරයක් හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු වනු ඇති බවයි.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1000කට ආසන්න මුදලකින් අඩු වනු ඇති.
නව මිල රුපියල් 1000කින් අඩු වුවහොත් එය රුපියල් 3743ක් ලෙස පහත බසිනු ඇති.