update:- ප්‍රබල භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 500 ඉක්මවයි

update:- ප්‍රබල භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 500 ඉක්මවයි

සිරියානු දේශසීමාව ආසන්නයේ ගිනිකොනදිග තුර්කියේ ගාසියන්ටෙප් ප්‍රදේශයේ ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් මේ වන විට 500ට අධික පිරිසක් මිය ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එය තුර්කියේ සිදු වූ විශාලතම භූමිකම්පාව විය හැකි බව ත් මිය ගිය පිරිස අතර තුර්කි වැසියන් මෙන් ම සිරියානු වැසියන් ද සිටින බව ත් ය.

රික්ටර් මාපක 7.8 විශාලත්වයෙන් සිදු වූ මෙම භූ කම්පනයෙන් අනතුරුව පසු කම්පන 40ක් පමණ සිදු වී තිබේ.

ඉදිරි පැය කිහිපය තුළ මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇති බවට සිරියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

තුර්කියේ අභයන්තර කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, ගාසියන්ටෙප්, කහ්රමන්මරාස්, හටේ, ඔස්මානියේ, අදියමන්, මලාටියා, සන්ලියුර්ෆා, අදනා, දියාර්බාකිර් සහ කිලිස් ඇතුළු නගර 10කට මෙම භූ කම්පනය හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති බව ය.

භූ කම්පනය එරට වේලාවෙන් පස්වරු 04:17ට (GMT 01:17) ගාසියන්ටෙප් නගරය ආසන්නයේ කිලෝමීටර් 17.9 (සැතපුම් 11) ගැඹුරකදී සිදු වී ඇතැයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කර ඇත.

භූමිකම්පාව අන්කාරා අගනුවරට සහ තුර්කියේ ඇති අනෙකුත් නගරවලට සහ පුළුල් ප්‍රදේශයක් පුරා දැනී තිබේ.

https://s.nikkei.com/3l0qzIv