ෂහීන් ශාහ් අෆ්රිඩි හිටපු සුපිරි ක්‍රීඩකයෙකුගේ දියණියක් සමඟ යුග දිවියට

පකිස්ථානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂහීන් ශාහ් අෆ්රිඩි, හිටපු පකිස්ථානු සුපිරි ක්‍රීඩක ෂහීඩ් අෆ්රිඩිගේ දියණිය ‘අන්ෂා’ සමඟ අද (04) යුග දිවියට එළඹ තිබේ.
ඔවුන්ගේ විවාහ උත්සවය පකිස්ථානයේ කරච්චිහීදී පැවැත්විය.
ඔහුගේ මංගල උත්සවයට පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු සුවිශාල ආරාධිතයින් පිරිසක් එක්ව සිටියහ.
ඒ අනුව ෂඩාබ් ඛාන්, බාබර් අසාම්, ෆ’කාර් සමාන් සහ සර්ෆර්රාස් අහමඩ් ඇතුළු පිරිසක් මෙම උත්සවයේ දී දක්නට ලැබුණි.
ෂහීන් ශාහ් අෆ්රිඩි සහ අන්ෂාගේ විවාහ ගිවිස ගැනීම සිදුව තිබුණේ පසුගිය වසරේ දී ය.
සිය දියණියගේ විවාහ මංගල්‍යයට සුබ පතමින් හිටපු පකිස්ථානු සුපිරි ක්‍රීඩක ෂහීඩ් අෆ්රිඩි සිය ට්විටර් ගිණුමේද සටහනක් තබා තිබේ.
” දියණියක් ඔබේ ගෙවත්තේ පිපෙන මලක් වන්නේ ඇය ආශීර්වාද මැද පිපෙනා බැවිනි. සිනහව රැඳුණු, සිහින දකින මෙන්ම ආදරය පිරි මාගේ දියණියගේ මාපියන් වශයෙන් ෂාහීන් අෆ්රිඩි වෙත බාර දුන් බවත්, එම දෙපළ වෙත සුබ පැතුම් එක් කරන බවත්” අදාළ සටහනෙහි සඳහන් විය.



