ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ ඉහළින් සිටි අදානි 11ට පල්ලම් බසී

අදානි සමූහ ව්‍යාපාරයේ කොටස් අගය ඩොලර් බිලියන ගණනින් පහළ යෑම නිසා ලොව තුන්වැනි ධනවතාව සිටි ගෞතම් අදානි දැන් 11 වැනියා දක්වා පහළ බැස තිබේ.
60 හැවිරිදි අදානිගේ වත්කම්වල අගය දැන් සටහන් වන්නේ ඩොලර් බිලියන 84ක් ලෙස ය. පසුගිය දින කිහිපයේ අදානිගේ පෞද්ගලික වත්කම ඩොලර් බිලියන 36 කින් අඩු වී ඇත.
2022 දී අදානිගේ වත්කම් ඩොලර් බිලියන 40 කින් වැඩි වීම නිසා ඔහු ධනවතුන්ගේ ලැයිස්තුවේ තුන්වැනි තැනට පත් විය.