අත්‍යවශ්‍ය භාණ්ඩ 4ක මිල බස්සයි

සතොස ආයතනය මගින් තම පාරිභෝගික ජනතාවට සහන සලසා දීමේ අරමුණ පෙරදැරිව අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හතරක මිල පහළ දමා තිබෙනවා.
ඒ අනුව මෙලෙස පහළ දමා ඇති භාණ්ඩ වන්නේ වියළි මිරිස්, ලොකු ලූනු, රතු කැකුළු, පාන්පිටි යන භාණ්ඩයි.
ඒ අනුව ඉහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල දිවයින පුරා සියලු ලංකා සතොස අලෙවි සැල් මගින් මෙම භාණ්ඩ පරභෝගිකයින්ට ලබා ගත හැකි වෙනවා.