රටේ වැඩි දෙනෙක් කියන්නේ අපි ශක්තිමත් කියලා – හිටපු ජනපති මහින්ද

ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මුහුණදීමට සූදානම් බව මහින්ද රාජපක්ෂ පවසනවා.
හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඳ පුදාගැනීමට පැමිණීමෙන් අනතුරු ව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බැහැදැකීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එහිදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ.
ප්රශ්නය :- කොමිෂන් සභාවේ එක්කෙනෙක් ඉවත් වෙලා ඡන්දය කල් දායිද?
පිළිතුර :- නෑ නෑ අපි ඔක්කොම සූදානමින් ඉන්නේ, අපි මොකටද කල් දාන්නේ ?
ප්රශ්නය :- විපක්ෂය ශක්තිමත් කියලා කට්ටිය කියනවා.
පිළිතුර :- සමහරු කියනවා ඉතිං. සමහරුනේ කියන්නේ, රටේ වැඩි දෙනෙක් කියන්නේ අපි ශක්තිමත් කියලා.
ප්රශ්නය :- ඡන්දේ තියෙයි ද ?
පිළිතුර :- තියේවි නේද? නමුත් අපි ලෑස්තියි. අපි ඕනෑම මැතිවරණයකට ලෑස්තියි. යනුවෙන්