නව අමාත්‍යාංශය දෙකක ලේකම්වරුන් දෙදෙනකුගේ නම් ගැසට් කෙරෙයි
![නව අමාත්‍යාංශය දෙකක ලේකම්වරුන් දෙදෙනකුගේ නම් ගැසට් කෙරෙයි නව අමාත්‍යාංශය දෙකක ලේකම්වරුන් දෙදෙනකුගේ නම් ගැසට් කෙරෙයි](https://www.mynewslanka.com/wp-content/uploads/2023/01/gast.jpg)
නව අමාත්‍යාංශය දෙකක ලේකම්වරුන් පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් චූලානන්ද පෙරේරා පත් කර ඇති අතර, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ ඩබ්ලිව්.සමරදිවාකරයි.
චූලානන්ද පෙරේරා පත් කිරීම ඉදිරි මාස තුනක කාලයක් සදහා පමණක් වලංගු බවයි එම ගැසට් නිවේදනයේ සදහන් වන්නේ.
මෙම පත්කිරීම් පසුගිය ජනවාරි 20 වැනි දා සිට බල පැවැත්වෙනවා.