මාස 11කදී 3596ක් විවිධ හේතු මත උස්සලා

මාස 11කදී 3596ක් විවිධ හේතු මත උස්සලා

කප්පම් ගැනීම් ප්‍රධාන විවිධ හේතු මත පුද්ගල පැහැරගැනීම් 3596ක් මේ වසරේ මුල් මාස 11 තුළ සිදුවී ඇතැයි පොලිස් වාර්තාවලින් තහවුරු වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය

එම පැහැරගැනීම් ප්‍රමාණය ඊට කලින් වසරට (2021) සාපේක්ෂව 2800ක පමණ වැඩිවීමක් බවද ඔහු පෙන්වා දුන්නේය. 2021 වර්ෂයේදී සිදුව ඇති පැහැරගැනීම් සංඛ්‍යාව 835 කි.