“Super Eastern” නෞකාව කොළඹට

චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ඩීසල් ලීටර් මිලියන 10.6ක් රැගත් “Super Eastern” නෞකාව අද (26) කොළඹ වරාය වෙත පැමිණ තිබෙනවා.
මෙරට චීන තානාපති කාර්යාලය පවසන්නේ එහි සාම්පල පරීක්ෂාවෙන් පසු ගොඩබෑම ආරම්භ කිරීමට නියමිත බවයි.
එම නෞකාවේ ඇතුළත් ඩීසල් තොගය මෙරට පීඩාවට පත් ගොවීන් සහ ධීවරයින් වෙනුවෙන් ලබාදීමට නියමිතයි.