2023 අයවැය කාරක සභා විවාදය අද සිට

2023 අයවැය කාරක සභා විවාදය අද සිට

2023 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද (23) සිට ආරම්භ වෙනවා.

දින 13ක් ඒ සඳහා වෙන් කර ඇති අතර, අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 8 වනදා රාත්‍රී හතට පැවැත්වීමට නියමිත යි.

ජනාධිපති, අග්‍රාමාත්‍ය කාර්යාලය, උපරිමාධිකරණ විනිශ්චයකාරවරු, අමාත්‍ය මණ්ඩල කාර්යාලය, පාර්ලිමේන්තුව, අල්ලස් කොමිසම, විපක්ෂ නායක කාර්යාලය, මැතිවරණ කොමිසන් සභාව, ජාතික විගණන කාර්යාලය ඇතුලු වැය ශීර්ෂ කිහිපයක් අද දිනයේ දී විවාදයට ගැනෙනවා.

මේ අතර අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 37කින් පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 121 ක් සහ විපක්ෂව ඡන්ද 84ක් හිමි වුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය 14 වනදා ඉදිරිපත් කළ අයවැය යෝජනා දෙවන වර කියවීමේ විවාදය දින හතක් පැවැත්වීමෙන් අනතුරුවයි මෙලෙස ඊයේ ඡන්ද විමසීම පැවැත්වුණේ.

සමගි ජන බලවේගය මෙන්ම ජාතික ජන බලවේගය, නිදහස ජනතා සභාව සහ උත්තර ලංකා සභාගය නියෝජනය කරන මන්ත්‍රිවරුන් ඡන්දය භාවිත කළේ ඊට විරුද්ධව යි.

දෙමළ ජාතික සන්ධානය ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියා.