සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තුනක මිල බස්සයි

ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තුනක මිල අඩු කර තිබේ.
ඒ අනුව, රතු පරිප්පු , ටින් මාළු (දේශීය) සහ රතු කැකුළු යන ආහාර ද්‍රව්‍යවල මිල අඩු කර ඇත.
අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ මිල ගණන් පහත දමන බව ලංකා සතොස ආයතනය පැවසීය.
අදාළ ආහාර ද්‍රව්‍යවල නව මිල ගණන් පහතින් දැක්වේ.
රතු පරිප්පු 1kg – රුපියල් 389
ටින් මාළු (දේශීය) 425g – රුපියල් 540
රතු කැකුළු 1kg – රුපියල් 205