පාසල් සහ සරසවි සිසුන් අතර HIV පැතිරීම ඉහළට

පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් අතර, එච්.අයි.වී ඇතුළු ලිංගාශ්‍රිත රෝග වැඩි වශයෙන් පැතිර යමින් පවතින බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහන පවසනවා.
කොළඹ, ගම්පහ සහ මහනුවර යන දිස්ත්‍රික්ක වලින් මෙම තත්ත්වය වැඩි වශයෙන් වාර්තා වන බවයි එම වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි පවසනවා.
මේ වසරේ මුල් මාස පහ තුළ දී පමණක් එච්.අයි.වී ඇතුළු ලිංගාශ්‍රිත රෝග වැළඳුනු තරුණ තරුණියන් 68 දෙනෙකු හමුවී ඇති බව ද ඇය කියා සිටියා.
මේ පිරිසේ විශ්වවිද්‍යාල සිසුන් 50ක් සිටින බව ද පැවසුවාය.
1987 වසරේ සිට මේ දක්වා ආසාදිතයන් 4,404ක් වාර්තා වී ඇති අතර, ඉන් 1,000ක් පමණ මරණයට පත්ව ඇති බවත් 2,300ක පමණ පිරිසක් ප්‍රතිකාර ගැනීමට යොමුව සිටිය ද ඇස්තමේන්තුවලට අනුව ආසාදිතයන් 3,700ක් පමණ ප්‍රතිකාර ලබා ගත යුතු බවත් ඇය පැවසුවාය.
ආසාදිතයන් 1,500ක පමණ පිරිසක් එච්.අයි.වී. ආසාදිතයන් බව නොදැන සමාජය තුළ සිටින බවත් අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පවත්වන පුද්ගලයන් බොහෝ පිරිසකට ඔවුන්ගෙන් වයිරසය ආසාදිත විය හැකි බවත් ඇය ප්‍රකාශ කළාය.
අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පැවැත්වීම හේතුවෙන් පුද්ගලයන්ට එච්.අයි.වී. ආසාදනය වන්නේ යැයි ද, දරුවන් සමඟ ලිංගික කාරණා විවෘතව කතා කිරීමෙන් මෙවැනි ආසාදනයන් වළක්වා ගත හැකි බවත් ඇය පැවසුවාය.
තරුණ දරුවන් සම්බන්ධයෙන් වැඩි වශයෙන් සොයා බැලීමට මවුපිය වැඩිහිටියන් කටයුතු කළ යුතු යැයිද ඇය පැවසුවාය.