අලුත් අවුරුදු නැකත් සීට්ටුව

අලුත් අවුරුදු නැකත් සීට්ටුව

සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේ පරණ අවුරුද්ද සඳහා ස්නානය අදට (13) යෙදී ඇති අතර කොහොඹ පත් මිශ්‍ර යුෂ නානු ගා ස්නානය කිරීම සුදුසු බව නැකැත් සීට්ටුවේ සඳහන් වනවා.

අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14 වනදා පූර්වභාග 08.41ට

පුණ්‍ය කාලය
අප්‍රේල් මස 14 වනදා පූර්වභාග 02.17 සිට අපරභාග 03.05 දක්වා

ආහාර පිසීමේ නැකත
14 වන දින පූර්වභාග 09.05ට යෙදී ඇති අතර රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය
14 වන දින පූර්ව භාග 10.17 ට රන්වන් පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා

හිසතෙල් ගෑමේ චාරිත්‍රය
අප්‍රේල් මස 17 වන ඉරිදා පූර්ව භාග 07.04ට

රැකි රක්ෂා සඳහා පිටත්ව යාම
අප්‍රේල් මස 18 වන සඳුදා පූර්ව භාග 06.51 ට