කැනඩාවේ ලාංකිකයන් සහයෝගීව එකමුතු කරමින් Lankan Square වෙබ් අඩවිය අරඹයි

කැනඩාවේ ලාංකිකයන් සහයෝගීව එකමුතු කරමින් Lankan Square වෙබ් අඩවිය අරඹයි

කැනඩාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් සහයෝගීව එකමුතු කරමින් ඔවුන් අතර මනා අන්නෝන්‍ය සමග සම්බන්ධයක් ඇති කිරීමේ දිගුකාලීන අරමුණින් Lankan Square වෙබ් අඩවිය ආරම්භ කරන ලදී.

වර්තමානයේ කැනඩාවේ ශ්‍රී ලාංකිකයන් රැසක් ජීවත් වන අතර ඔවුන් අතර ආර්ථික සංස්කෘතික අධ්‍යාපනික සහ විනෝදාත්මක සහයෝගීතාවක් ඇති කිරීමට අදාළ කටයුතු රැසක් කිරීමට Lankan Square සූදානම්ය.

කැනඩාවේ වෙසෙන ව්‍යවසායකයින් දෙදෙනෙකු වන චනුක විජේසුන්දර සහ කමාජ් සිල්වා මෙහි පුරෝගාමියෝ වෙති. මීට සමගාමීව අරඹන www.LankanSquare.com වෙත පිවිසීමෙන් ශ්‍රී ලාංකිකයින් කැනඩාවේ ක්‍රියාත්මක කරන ව්‍යාපාර හා ආගමික වැඩසටහන් සංගීත සංදර්ශන උත්සව සම්මන්ත්‍රණ හා වැඩමුළු ආදිය පිළිබඳ තොරතුරු එකම තැනකින් ගැනීමට හැකියාව ඇත.