සාර්ථක පාසලක් වෙන්න නම් උගත්, යහපත් පුරවැසියන් බිහිකළ යුතුයි

සාර්ථක පාසලක් වෙන්න නම් උගත්, යහපත් පුරවැසියන් බිහිකළ යුතුයි

පාසලක අරමුණ විය යුත්තේ සාමාන්‍ය පෙළ ‘ඒ සාමාර්ථ’ 9ක් හා උසස් පෙළ විශිෂ්ඨ සාමාර්ථ 4ක් ලබාගන්නා සිසුන් බිහිකිරීම පමණක් නොවන බවත්, සාර්ථක පාසලක් ලෙස ආඩම්බර වීමට නම් උගත් මෙන්ම යහපත් පුරවැසියන් බිහිකළ යුතු බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

රටේ අනාගතය හා අනාගත නායකත්වය වෙනුවෙන් යහපත් පුරවැසියන් බිහිනොකළොත් පාසල් පද්ධතිය අසාර්ථක බව ද කාදිනල්තුමෝ කීහ.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ මේ බව පැවසුවේ බම්බලපිටිය, ශාන්ත පීතර විදුහලට වසර 100ක් සම්පූර්ණවීම නිමිත්තෙන් එම විද්‍යාලයේදී ඊයේ (18) පැවති සැමරුම් උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.