සත්වෝද්‍යානයක සතුන්ටත් කොවිඩ් – නව ප්‍රභේද ගැනත් අනතුරු අඟවයි

සත්වෝද්‍යානයක සතුන්ටත් කොවිඩ් – නව ප්‍රභේද ගැනත් අනතුරු අඟවයි

දකුණු අප්‍රිකානු සත්වෝද්‍යානයක සිටින සිංහයන් සහ පූමා සත්ත්වයින්ට කොවිඩ් ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ප්‍රිටෝරියා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් කරන ලද අධ්‍යයනයකට අනුව ඔවුන්ගේ හසුරුවන්නන්ගෙන් කොවිඩ් ආසාදනය වන්නට ඇති බවයි පැවසෙන්නේ

කොවිඩ් වෛරසය වෙනත් සත්ත්වයින්ට සෑදී නැවත මිනිසුන් වෙත සම්ප්‍රේෂණය වුවහොත් නව ප්‍රභේද ඇතිවීමේ ප්‍රවණතාවයන් ගැන විද්‍යාඥයින් අනතුරු අඟවා තිබෙනවා.

හුස්ම ගැනීමේ අපහසුතා, නාසයෙන් දියර ගැලීම සහ වියළි කැස්ස ඇතුළුව මිනිසුන් තුළ ඇතිවන කොරෝනා වෛරසයට සමාන රෝග ලක්ෂණ සහිතව සතුන් රෝගාතුර වීමෙන් පසුව මෙම අධ්‍යයනය සිදු කර තිබෙන බව සඳහන්.

සතුන්ගේ කොවිඩ් පරීක්ෂණ ධනාත්මක වීමෙන් පසුව පර්යේෂණය කළ නිලධාරීන් සඳහන් කළේ සතුන් හැසිරවීමේ කාර්යය මණ්ඩලයෙන් වෛරසය වැළඳී ඇති බවයි.

https://bit.ly/3nG8M7U