බොරැල්ල බෝම්බ සිද්ධියට අත්අඩංගුවට ගත් වෛද්‍යවරයාගේ ගෙදර ආයුධ ගබඩාවක්

බොරැල්ල බෝම්බ සිද්ධියට අත්අඩංගුවට ගත් වෛද්‍යවරයාගේ ගෙදර ආයුධ ගබඩාවක්

බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්‍රාමික වෛද්‍යවරයෙකු පිළියන්දල ප්‍රදේශයේ දී කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (18) මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ මීට දින තුනකට පෙර ඇඹිලිපිටිය – පනාමුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් 65 හැවිරිදි පුද්ගලයාගෙන් දීර්ඝ ලෙස කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි.මෙම වෛද්‍යවරයා පිලියන්දල දිසා රෝහලේ සේවය කර ඇති අතර එම ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් ද පවත්වාගෙන ගොස් ඇති බවටයි මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම අත්අඩංගුවට ගත් පිළියන්දල විශ්‍රාමික වෛද්‍ය අධිකාරීවරයාගේ සුවිසල් නිවස තුළ තිබී ගිනි අවි සහ ආයුධ රැසක් සොයා ගත් බව පොලිසිය වාර්තා කරනවා.

එම ගිනි අවි අතර පිස්තෝල හතරක් රිවෝල්වර එකක් කඩු දෙකක් රම්බෝ පිහියක් සහ හඳුනාගත නො හැකි ගිනි අවියක් ද වනවා.

දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේ දී පුද්ගලයෙකු අත් අඩංගුවට ගත්තා. ඔහුගෙන් සිදු කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී වෛද්‍යවරයා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව යි ඊයේ රාත්‍රියේ මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.