කැලණිය සරසවියෙන් සුමිත්‍රා පීරිස්ට ආචාර්ය උපාධියක්

කැලණිය සරසවියෙන් සුමිත්‍රා පීරිස්ට ආචාර්ය උපාධියක්

දේශීය සිනමාව වෙනුවෙන් කරන ලද විශිෂ්ට දායකත්වය සඳහා සිංහල සිනමාවේ කිවිඳීය සුමිත්‍රා පීරිස් මහත්මියහට කැලණිය විශ්වවිද්‍යාලයෙන් ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමා තිබෙනවා.

අද (15 ) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති කැලණිය විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රදානෝත්සවයේදී එම ආචාර්ය උපාධිය පිරිනැමීමට කටයුතු සූදානම් කර තිබුණා.

මෙරට ප්‍රථම සිනමා සංස්කරණ ශිල්පිනිය වන සුමිත්‍රා පීරිස් මහත්මිය සිනමාවට එක්වන්නේ 1961 වසරේදී සංදේශය චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරිය ලෙසය. පළමු සරසවිය සම්මාන උලෙළේදී ගම්පෙරළිය චිත්‍රපටයේ සංස්කරණය වෙනුවෙන් හොඳම සංස්කරණයට හිමි සම්මානය පිරිනැමෙන්නේද ඇයටයි.

ගඟ අද්දර, ලොකු දුව, සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා යන චිත්‍රපට වෙනුවෙන් හොඳම අධ්‍යක්ෂණයට හිමි සරසවිය සම්මාන ලබාගත් සුමිත්‍රා පීරිස් මහත්මිය සිනමා කර්මාන්තය වෙනුවෙන් කරන ලද මෙහෙවර උදෙසා සරසවිය සම්මාන උලෙළේදී ජීවිතයේ එක් වරක් පමණක් පිරිනැමෙන රණතිසර සම්මානයෙන්ද පිදුම් ලැබුවාය.