හදිසි වැඩ වර්ජනය නිසා කෝච්චි වලට ගල් ප්‍රහාර ( ඡායාරූප )
![හදිසි වැඩ වර්ජනය නිසා කෝච්චි වලට ගල් ප්‍රහාර ( ඡායාරූප ) හදිසි වැඩ වර්ජනය නිසා කෝච්චි වලට ගල් ප්‍රහාර ( ඡායාරූප )](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/fddsfcsd.jpg)
ඊයේ (12) මධ්‍යම රාත්‍රීයේ හදිසි වැඩවර්ජනයක් ආරම්භ කිරීමත් සමඟ කොළඹ කොටුව සිට මඩකළපුව දක්වා ධාවනය වෙමින් තිබූ “මීනගයා” දුම්රිය කැකිරාව දුම්රිය ස්ථානයෙන් ධාවනය අත්හිටුවා තිබෙනවා.
මගීන් 700 ක් පමණ ඒ වන විට දුම්රියේ ගමන් කරමින් සිටි බවයි වාර්තා වන්නේ.
දුම්රිය ධාවනය අත්හිටුවීම සම්බන්ධයෙන් විරෝධය පළකළ පිරිසක් එම දුම්රියට ගල්මුල්වලින් පහරදී ඇති අතර දුම්රියට හානි සිදුව ඇත.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/image_644d9f2071.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/image_580cc0506b.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/image_0f1ec65506.jpg)