මං විනාශ වුණා, මහින්දානන්දගේ පාපොච්චාරණය

මං විනාශ වුණා, මහින්දානන්දගේ පාපොච්චාරණය

වසර 32ක තම දේශපාලන ජීවිතය කාබනික පොහොර වැඩසටහන හේතුවෙන් විනාශ වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

එම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ කාබනික පොහොර සම්බන්ධයෙන් ගොවීන් නඟන චෝදනා අසාධාරණ නොවන බවය.

“මේක අසාර්ථක වෙන්න තව හේතු ගණනාවක් බලපෑවා. පළවෙනියට ජනාධිපතිතුමා මේ ගත්ත තීන්දුව වෙනුවෙන් ආණ්ඩුව හිටගත්තෙත් නෑ. මම අවුරුදු 32ක දේශපාලනය නැති කරගත්තා මේකෙන්. මම කෘෂිකර්ම ඇමති උනාට මගේ රාජ්‍ය අමාත්‍යතුමා තමා පොහොර විෂයභාර ඇමති. එතකොට මම මේ වෙනුවෙන් හිටියේ වෙන මුකුත් නිසා නෙමෙයි මගේ නායකයා ජනාධිපතිතුමා ගත්ත තීන්දුවක් මම ප්‍රතිපත්තියක් හැටියට හැමදාම නායකයා වෙනුවෙන් ඉන්නවා. දෙවැනි එක මේ තීන්දුව නරක දෙයක් නෙමෙයි. මගේ හෘද සාක්ෂියට එකඟව හොඳ දෙයක් නිසා ගුටි කාගෙන හරි බැනුම් අහගෙන හරි මම මේ වෙනුවෙන් හිට ගත්තා. හැබැයි අපි අවංකව පිළිගන්නවා මේ කන්නයේ අපි කරපු දෙය අපිට හරියට කරගන්න බැරි වුණා කියලා. ඒක බොහොම අවංකව පිළිගන්නවා. ඒ නිසා මේ ගොවියෝ කරන උද්ඝෝෂණ, ගොවියෝ කරන චෝදනා කිසිවක් අපි ප්‍රතික්ෂේප කරන්නේ නෑ. ඒ වේදනාව සාධාරණයි. පොහොර මිල ඉහළ ගියා ප්‍රශ්න ගණනාවක් ආවා මේ සියල්ල පිළිබඳ අපි පිළිගන්නවා. ඒ නිසා ඊළඟ කන්නයේ කිසිදු හේතුවකට ප්‍රශ්නයක් මට නොනඟින පරිදි නියමිත වෙලාවට බීජ ටික ලබාදෙන්න වෙළෙඳපොළේ රසායනික පොහොර ඕන කෙනෙකුට ගන්න පුළුවන් විදියට හදන්න හරිත කෘෂිකර්මාන්තයට කැමති ගොවියන්ට අවශ්‍ය පොහොර ටික පළිබෝධනාශක, දිලීරනාශක සියල්ල ලබාදෙන්න වැඩපිළිවෙල අපි හදලා තියෙනවා.”