උතුරට අසාධාරණයක්, ගුරු සංගමයෙන් චෝදනාවක්

උතුරට අසාධාරණයක්, ගුරු සංගමයෙන් චෝදනාවක්

දින එකසිය විස්සකට වැඩි කාලයක් දීප ව්‍යාප්තව ගෙන ගිය අඛණ්ඩ අරගලයකින් පසු වැටුප් විෂමතාව ඉවත් කරගනිමින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වැඩි කරගත් වැටුප උතුරු පළාතට අහිමිවීමේ අනතුරක් මතුව තිබේ.

වැටුප් අරගලයේ ප්‍රමුඛතම නියමුවකු වු ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පෙන්වා දෙන්නේ, එම වැඩිවු මුදල ජනවාරි මස වැටුප සමග 20 වැනිදා ලබා දීමට දිවයිනේ සියළුම කලාප කාර්යාල වල කටයුතු සිදු කරමින් පැවැතියද උතුරු පළාතේ මේ වන තෙක් එයට අදාල කටයුතු ආරම්භ කර නොමැති බවයි.

”අපි දිගින් දිගටම කියපු දෙයක් තමයි ආණ්ඩුව අපේ චක්‍රලේඛය ප්‍රමාද කරන කොට ඔබ ජනවාරි මාසේ 5 වැනිදා චක්‍රලේඛය නිකුත් නොකළොත් 20 වැටුප ගන්න බෑ. මොකද සාමාන්‍යයෙන් දින 15 ට කලින් වැටුප් සකස් කිරීම් සිදු වෙනවා. ”