කටුනායකින් පනින්න ගිය විදේශිකයා

කටුනායකින් පනින්න ගිය විදේශිකයා

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් මගින් අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස් වෙත පැන යාමට තැත් කළ විදේශිකයෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහුව අත් අඩංගුවට ගැනීමට සූදානම් වන විට එයින් මිදී පැන ගොස් ඇති අතර ගුවන් තොටුපළ වහලයට නැග පිටතට යාමට උත්සාහ කිරීමේ දී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

මෙම විදේශිකයාගේ ගෙල ප්‍රදේශයේ පැහැදිලිව පිටතට පෙනෙන සේ 4693 ලෙස අංකයක් කොටා ඇති බවත් ඔහු විදේශික බන්ධනාගාරයකින් පළා ආ පුද්ගලයෙකු හෝ ජාත්‍යන්තර කල්ලියක සාමාජිකයකු විය හැකි බවට ගුවන් තොටුපළ ආරක්ෂක අංශ සැක පළ කරනවා.