සංගීතයෙන් වැඩ පෙන්වන වික්ටර් රත්නායකගේ මුනුපුරා විනුජ
![සංගීතයෙන් වැඩ පෙන්වන වික්ටර් රත්නායකගේ මුනුපුරා විනුජ සංගීතයෙන් වැඩ පෙන්වන වික්ටර් රත්නායකගේ මුනුපුරා විනුජ](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/sangith.jpg)
අපේ රටේ සංගීත ක්ෂේත්රය තුල නොමැකෙන නමක් රැන්දු අග්‍රගණ්‍ය ප්‍රවීණ ගායන ශිල්පියෙක් තමයි වික්ටර් රත්නායකයන් කියලා කියන්නේ. ඉතින් ඒ වගේම වික්ටර් රත්නායකගේ මුනුපුරා සංගීත ක්ෂේත්රයට ඇවිත් අලුත් වැඩක් කරන්න යනවා කියලා පහුගිය දිනවල සමාජ මාධ්‍ය පුරා රාවයක් පැතිර ගියා. ඉතින් මේ ප්‍රවීණ ගායන ශිල්පියාගේ මුණුපුරා තමයි විනුජ තාරුක කියලා කියන්නේ.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/1-30-1024x683-1.jpg)
විනුජ ඔහු ගැන පහුගිය දවසක පුවත්පතකට පවසලා තිබුනේ මෙන්න මේ විදිහට,
මේ දවස්වල මම මිඩ්ලේන් කියන බෑන්ඩ් එකට එකතුවෙලා වැඩ කරනවා. ඒත් එක්කම මගේම ගීත කිහිපයක් හදාගෙන යනවා. සජිත ඇන්තනි සමග තමයි ඒ වැඩ කටයුතු කරන්නේ. ඉතින් ඒ වගේම මම මීට පෙර මම දුහුලැල්, මාවතේ, ආහල්‍යා වගේ නිර්මාණ කිහිපයක් එළිදක්වලා තියෙනවා.
ඒ වගේම මගේ පළමු ගීතය නිර්මාණය කරලා දෙන්නේ සීයා එක්ක කරපු ගීයක් විදියට. 2016 වසරේදි සීයයි, අපේ අම්මයි, අප්පච්චියි එකතු වෙලා මට ළමා සංයුක්ත තැටියක් නිර්මාණය කරලා දෙනවා. එම සංයුක්ත තැටිය 2016 රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ හොඳම ළමා ගී සංයුක්ත තැටිය බවට පත්වුණා.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/239752521_2037628899726797_8582047991451289902_n.jpg)
මගේ අප්පච්චි ලෙලුම් රත්නායක ජනප්‍රිය ඩ්‍රම්ස් වාදකයෙක්. ඒ නිසාම තමයි මටත් ඩ්‍රම්ස් වාදකයකු විදියට එළියට එන්න පුළුවන් වුනේ. ඉතින් ඒ වගේම මේ දවස් වල ඇහෙන අනේ මන්දා ගීතයේ තනුව, සංගීතය, පද රචනය තුනම මගේ නිර්මාණයක්. ගීතයේ වීඩියෝ එක කරන්න විහඟ වීරසිංහ, ශමත් අනුත්තර කියන මගේ යාළුවෝ දෙන්නා දායකත්වය ලබාදුන්නා. මේ ගීතයේ සියලු වැඩ කටයුතුවලට දායක වුණේ අවුරුදු දහනවයක කොල්ලෝ තුන්දෙනෙක්.
ඇත්තම කිව්වොත් සජිත අයියගේ මිඩ්ලේන් බෑන්ඩ් එකට ආරාධනා කළේ විමුක්ති සහ ශ්‍යාම්. දැනට එපිසෝඩ් කිහිපයක්ම කළා කියලා තමයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/2-23.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/228894534_1989393021217052_7747710821375636430_n-650x870.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/212764938_1966305503525804_3517860177730282863_n-650x366.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/151291638_1859585147531174_6098274156136588861_n-650x433.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/191053341_1976610322495322_4556577817135420054_n-650x433.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/212370959_1966305510192470_5043955043375868964_n-650x869.jpg)