මම ITN එකට ආවේ ඉන්න නෙවෙයි යන්න – නිරෝෂන් ප්‍රේමරත්න
![මම ITN එකට ආවේ ඉන්න නෙවෙයි යන්න – නිරෝෂන් ප්‍රේමරත්න මම ITN එකට ආවේ ඉන්න නෙවෙයි යන්න – නිරෝෂන් ප්‍රේමරත්න](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/NIROSHAN.jpg)
ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නව සභාපතිවරයා ලෙස පත්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාධ්‍යවේදී නිරෝෂන් ප්‍රේමරත්න මහතා සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කළා.
ඔහු වැඩ භාරගැනීමෙන් අනතුරුව දැක්වූ අදහස්
මම කැමැත්තෙන් ආපු ගමනක් නෙවෙයි, අනිතිමට මම තීරණය කළා මේක භාර ගන්න. මොකද මගේ කාලයෙන් යම් ජීවයක් දීලා මේක නැගිට්ටවන්න පුළුවන් නම් මම විශ්වාස කරනවා ඒක මගේ කෘතගුණ දැක්වීම කියලා.
මම අවේ ඉන්න නෙවෙයි, ස්වාධීන රූපවාහිනී සේවයට ආපු සභාපතිවරුන් අතරින් අඩුම කාලයක් ඉන්නේ මම, මම ආවේ යන්න, මෙතන බොහෝ දෙනෙක් මම දන්නවා, හැබැයි ඒ මනුස්සකම,හිතවත්කම අයාලේ යොදවන්න එපා.මම ඇත්තටම ආවේ ආයෙත් ස්වාධීන රූපවාහිනීය අංක එකට ගෙනියන්න බව ඔහු පැවසීය.
ඔහු සිය ෆේස් බුක් ගිණුමේද සටහනක් තබා තිබුණා මෙලෙසින්
මීට අවුරැදු 21 ට කලින් මම ස්වාධීන රෑපවාහිනියට එන්නෙ නිවේදකයෙකු වීමේ හීනයෙන්. අවස්ථා හතක් එවකට සභාපති නිව්ටන් ගුනරත්න මැතිතුමාගේ නිල කාමරයට මාව එක්කරගෙන ගියෙ නාලක…, සමහර දවසට නාලක සභාපතිතුමන් මුනගස්වන්න මම වෙනුවෙන් බොරුත් කියල තියනවා. ඔහු එවකට නිව්ටන් සභාපතිතුමන්ගේ කාර්යාල සහායක. නිවේදන හීනය සැබෑ කරගත් මම ස්වාධීන රෑපවාහිනියෙන් එලියට යනවා. අවුරැදු 21 ට පස්සෙ, අද මම ස්වාධීන රෑපවාහිනියේ සභාපති ලෙස වැඩ බාරගද්දි’ නාලක මගේ කාර්යාල සහායක. දෛවය කියන්නෙ හරි පුදුම දෙයක්.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/Screenshot-2022-01-05-124601.png)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/271222935_475628047253297_4048157509083753132_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/269504494_475416467274455_6079869598296049842_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/269849111_475416690607766_8408215010915918032_n-650x433.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/269831196_475416333941135_5178245874150894225_n-650x433.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/270423790_475416587274443_1853621420658640527_n-650x433.jpg)
https://www.facebook.com/niroshan.Prem/videos/321237366543395