සුසිල්ට එරෙහිව රෝහිත

සුසිල්ට එරෙහිව රෝහිත

සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් අද ඉවත් කිරීම සම්බන්ධව වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මාධ්‍යට දැක්වූ අදහස්.

ආණ්ඩුවේ ඇතුලේ ඉද ගෙන ආණ්ඩුවේ වැරද්දක් කතා කරන්න පුළුවන් කම තියෙනවා, හැබැයි ආණ්ඩුවේ ඉදන් ඩබල් ගේම් ගහන්න බැහැ ,රෝහිත ගුණවර්ධනගේ කොන්ද හොදින් තියෙනවා, හැබැයි කොන්ද කෙලින් තියා ගෙන කකුල් දෙක දෙපැත්තේ තියා ගෙන ඉන්න අයට මේ ආණ්ඩුවේ ඉන්න බැහැ.

කරුණාකරලා වරප්‍රසාද ටික ගලවලා කරුණාකරලා විපක්ෂයට යන්න ඕනේ , කරන දෙයක් විපක්ෂයට ගිහින් කරන්න ඕනේ, තමන්ට මේ ආණ්ඩුව ගැලපෙන් නැත්නම් මොන කෙන්ගෙඩියටද මේකේ ඇතුලේ ඉන්නේ.

සුසිල් ප්‍රේමජයන්තලා 2015 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පැරදිලා ටික දවසක් යන කොට බොහොම ෂෝක් එකට එහා පැත්තට ගිහිල්ලා මෛත්‍රී ජනාධිපතිතුමාගේ ඔඩොක්කුවේ නැලවෙච්ච අය. හැමෝගෙම ඔලුවේ කැබිනට් ඇමතිකමේ සිහිනය තියෙනවා, ඒක නැති උනාම ඒකද ප්‍රශ්නේ, තමන්ට දීපු ඇමතිකම කරන් නැතුව අනිත් ඔක්කොම දේ ගැන කතා කරනවා, තමන්ට දීපු ඇමතිකම කරානම් ඉවරනේ, ඒක කර ගන්න බැරි උන්නැහැලනේ ඉන්නේ, යනුවෙන් පැවසීය.