දෙහිවල මුහුදේදී කිඹුලෙක් මනුස්සයෙක්ව අරන් යන්න හදයි

දෙහිවල මුහුදේදී කිඹුලෙක් මනුස්සයෙක්ව අරන් යන්න හදයි

කිඹුලෙකු ඩැහැගෙන යාමට තැත් කිරීමේදී දෙහිවල මුහුදු තීරයේ පිහිනමින් සිටි කිමිදුම්කරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ අද (03) උදෑසන මෙම සිදුවීම සිදුව ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ රත්මලාන කල්දේමුල්ල සුනාමි ධීවර නිවාසවල පදිංචිව සිටි කේ. ජයන්ත පීරිස් නමැති 50 හැවිරිදි පුද්ගලයෙකු වේ.

මෙම කිමිදුම්කරු සමග අද උදෑසන සුපුරුදු පරිදි සංගමයේ තවත් කිමිදුම්කරුවන් කිහිපදෙනෙකු සමග ගැඹුරු මුහුදේ කිමිදුම් කටයුතුවල යෙදී සිට ඇත. ඒ අතර අනෙක් අය උදෑසන 10.30ට පමණ නැවත වෙරළ දෙසට පැමිණෙමින් සිට ඇති අතර, ගැඹුරු මුහුදේ කිඹුලකු විසින් මිනිසකු කටින් ඩැහැගන යනු දැක ගොඩට පැමිණ අනෙකුත් ධීවර පිරිස් වෙත දන්වා ඇත.

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ කොළඹ දිස්ත්‍රික් විසිතුරු මසුන් අපනයනකරුවන්ගේ සංගමය විසින් ධීවරයින්ගේ බෝට්ටු මගින් සිදුවීම වූ ස්ථානයට ගොස් කිඹුලාගේ සපා කෑමට ලක්වූ පුද්ගලයා බෝට්ටුව දමාගෙන ගොඩටගෙනවිත් අනතුරුව රෝහල් ගත කර තිබේ.

කෙසේ වෙතත් රෝහල් ගතකිරීමෙන් පසු එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත.