ගෑස් එන දවස

ගෑස් එන දවස

මෙරට පාරිභෝගික ජනතාවට නව වසරේදීත් තම අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදුවී තිබුණි.

ඒ අනුව ගෑස් සිලින්ඩර මිලදී ගැනීමේ අරමුණින් ද ජනතාවට අද දිගු පොලීම්වල රැඳී සිටින අයුරු දැකගත හැකිවිය.

මේ අතර ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පැවසුවේ ප්‍රමිතියෙන් යුතු ගෑස් සිලින්ඩරයක් පාරිභෝගිකයාගේ නිවසට ලබාදීම වෙනුවෙන් යම් කාලයක් තමාට ලබාදෙන ලෙසය.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා,

“ලිට්‍රෝ සමාගම වශයෙන් අපි 100%ක්ම ප්‍රමිතිකරණයෙන් යුත් ගෑස් නිෂ්පාදනය කරනවා. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ නෑ, අපේ ප්‍රමිතිය පොඩ්ඩක්වත් අඩු කරන්න. මේ ක්‍රියාවලියට මට යම් කාලයක් ලබාදෙන්න.”

“ඒ කාලය තුළ මට පුළුවන් සහතික වෙන්න, ඔබේ නිවසටම ප්‍රමිතියෙන් යුතු ගෑස් සිලින්ඩරයක් ලබා දෙන්න.”

“ගෑස් සිලින්ඩර 40,000ක් පමණ මේ වනවිට දිනකට නිකුත් කරනවා. මේ ප්‍රමාණය දිනෙන් දින වැඩි වෙනවා. ඒ සිලින්ඩර ප්‍රමාණය වැඩිවීමත් සමග ජනතාවට පෝලිමේ ඉන්න වෙන කාලය අඩුවෙයි. උපරිම වුනොත් තව සති 3ක් මේ තත්ත්වය පවතින්න පුලුවන්.”