Spider-Man දැන් ලංකාවේ

Spider-Man දැන් ලංකාවේ

ලොව පුරා දරුවන්ගේ මෙන්ම තරුණ තරුණියන්ගේ ආකර්ෂණය හිමි කර ගත් “Spider-Man: No Way Home” දැන් SAVOY සිනමා ශාලාවලදී තිරගත වෙනවා.

අති නවීන තාක්ෂණය මෙන්ම, අති දැවැන්ත තිරයක මැවෙන , විශ්මිත සිනමා අත්දැකීමක් විඳින්න ප්‍රේක්ෂකයන්ට ඉඩ ප්‍රස්ථාව සැලසෙනවා.

සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ, ඔක්තෝබර් මස 22 දා මහජනතාවට විවෘත වූ සැවෝයි සිනමා ශාලා මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් දැඩි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරනු ලබන අතර සෑම ප්‍රදර්ශනයකින්ම පසු සිනමා ශාලා පරිශ්‍රය විෂබිජහරණය කිරීම මෙන්ම, උෂ්ණත්ව පරීක්ෂාව, දුරස්ථභාවය පවත්වාගැනීම වැනි සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන් දැඩි අවදානයක් යොමු කරමින් මෙම දර්ශන වාර පවත්වන බව වාර්තාවේ.