A – 05 මාර්ගයේ කොටසක් ජනතා අයිතියට

A – 05 මාර්ගයේ කොටසක් වන බිබිල – චෙන්කලාඩි මාර්ගය මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) ජනතා අයිතියට පත්විය.
බිබිල – චෙන්කලාඩි මාර්ගය කිලෝමීටර් 86.7ක දුරකින් යුක්ත වන බව ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පවසයි.
මධ්‍යම,ඌව සහ නැගෙනහිර පළාත් තුන යා කෙරෙන පේරාදෙණිය – බදුල්ල – චෙන්කලාඩි මාර්ගය දිගින් කි.මි 275ක් වේ.
එම මාර්ග කොටස අදියර 3ක් යටතේ දේශීය ඉදිකිරීම් සමාගම් 2 ක් මඟින් සංවර්ධනය කර ඇති අතර පළමු අදියර ලෙස බිබිල සිට පදියතලාව දක්වා කි.මි 29 ක් සංවර්ධනය කර එහි දෙවන අදියර පදියතලාව සිට ටැම්පිටිය දක්වා කි.මි 30 ක් සංවර්ධනය කර ඇත.


