ඉන්දියාවට යළි රාත්‍රියේ ඇඳිරි නීතිය
![ඉන්දියාවට යළි රාත්‍රියේ ඇඳිරි නීතිය ඉන්දියාවට යළි රාත්‍රියේ ඇඳිරි නීතිය](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/india-web-1.jpg)
සීඝ්රයෙන් ඉහළ යන කොවිඩ් 19 ආසාදිතයින් සැලකිල්ලට ගනිමින් අද(27) රාත්‍රී සිට යළි රාත්‍රී ඇඳිරි නීතිය පැනවීමට ඉන්දියාවේ දිල්ලි රජය තීරණයක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව දිනපතා රාත්‍රී 11:00 සිට පසුදින අලුයම 05:00 දක්වා මෙලෙස ඇඳිරි නීතිය පැණවීමට නියමිතයි.
මීට අමතරව සමාජීය කටයුතු පවත්වාගෙන යාමේදී තවත් සීමා කිහිපයක් ද පණවනු ලැබ තිබේ.
ඒ අනුව සුරාසැල් විවෘතව තැබිය හැකි වනුයේ දිනපතා දහවල් 12:00 සිට රාත්‍රී 10:00 දක්වා පමණයි.
සිනමා ශාලා වසා දැමිය යුතු බවටද ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්ත බළධාරීන් දැනුම් දී තිබේ
එමෙන්ම පොදු ප්‍රවාහන සේවා සඳහා සියයට 50 ක උපරිමයකින් පවත්වාගෙන යා යුතු බවට දැනුම් දී තිබේ.