අසිරිමත් නත්තල උදාවෙයි
![අසිරිමත් නත්තල උදාවෙයි අසිරිමත් නත්තල උදාවෙයි](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/chrsmas.jpg)
සාමයේ කුමාරයාණෝ යන ගෞරවනීය විරුදාවවලිය ලැබූ ජේසුස් ක්‍රිස්තු සමිඳාණන්ගේ අසිරිමත් උපත සිදුවූ නත්තල් දිනය (25) අද යි.
ලොව පුරා දස ලක්ෂ සංඛ්‍යාත කිතුණුවෝ පමණක් නොව සාමය මානව දයාව, අනුනට උදව් කිරීම, ප්‍රේමය යනාදී ගුණයහපත්කම් අගයන ලෝකවාසීන් මෙම අසිරිමත් උපන් දිනය සමරයි.
දිළිඳු ගවලෙනක, සීතල උඳුවප් මහේ උපත ලද ජේසුස් ක්‍රිස්තුන් සමිඳාණෝ, අවිදු අඳුරු නිමවා ලෝක සාමය උදාකිරීම සඳහා සිය ජීවිත කාලය ම කැප කළ අයුරු සිහිපත් කරමින් ශ්‍රී ලාංකික අප ද අද මේ දිනය සැමරුමට එක්වනුයේ එකිනෙකා කෙරෙහි හදවතේ උපන් ගෞරවය, සෙනෙහස, සතුටු සිත් පෙරටුවයි.
සාමය, සංහිඳියාව, සහෝදරත්වය ගොඩනැඟීමේ සුබ මොහොත සහ කාලීන අවස්ථාව උදාවී ඇතැ යි අද රටපුරා සෑම දෙව් මැදුරක ම ගැයෙන බැතිගීවල නාදය වනු ඇත. ලක්වාසි කිතුණු ජනතාව ද කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ වුවද සෞඛ්‍යාරක්ෂිතව තම ආගමික වැඩසටහන් පවත්වනු ඇත.
නත්තලේ සැබෑ අරුත වන්නේ එකිනෙකා තුළ සාමය සහෝදරත්වය හා ආදරය පැතිරවීම සහ බෙදා ගැනීමයි. එහෙත් වත්මන් සමාජය නත්තලේ සැබෑ ආධ්‍යාත්මික අරුත අමතක කර දමා ලෞකිකත්වයට මුල්තැන දෙමින් එකිනෙකා පරයා නැගී සිටින්නට උත්සාහ ගන්නා බව පෙනී යයි. අප කළ යුත්තේ ක්‍රිස්තුස් වහන්සේ කියාදුන් මානව දයාවේ පණිවුඩය සෑම දනන් තුළ පතුරුවන්නට ක්‍රියා කිරීමයි.
මෙදා නත්තල සාමය, සාධාරණත්වය හා සංහිඳියාව අපේක්ෂාවෙන් සිටින සැමට අභියෝගයක්. දේශපාලන සහ සමාජ සංස්කෘතිය තුළ ලෝකය ම දේශය ම ගිනිගෙන දැවෙනවා. එහෙත් අපේ අරමුණ විය යුත්තේ සාමය නම්, සංහිඳියාව නම් සුරදූත ගීතයට සවන් යොමුකර නත්තල සැමරීමයි.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/WhatsApp-Image-2021-12-24-at-18.09.41.jpeg)