දුශ්‍යන්තගෙයි ස්ටෙෆනි ගේයි අලුත් “මඟුල” මොකද්ද ?

දුශ්‍යන්තගෙයි ස්ටෙෆනි ගේයි අලුත් “මඟුල” මොකද්ද ?

වත්මන් පරපුරේ ජනප්‍රිය තරුවක් වන දුශ්‍යන්ත වීරමන් සහ රූප රැජිනියක් සහ නිවේදිකාවක් වන ඔහුගේ බිරිඳ ස්ටෙෆනි අලුතින් පටන් ගත්ත magul.lk ව්‍යාපෘතියේ ආරම්භක උත්සවය පසුගියදා සීදුව Royal Ramesses හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණා .

මංගල උත්සවයකට සූදානම් වන ඕනෑම අයෙකුට මේ app එක හරහා ඉතාමත් පහසුවෙන් තම අවශ්‍යතාවයන් ඉටු කරගැනීමට පුළුවන්. විකුණුම් කරුවන් සහ ගැණුම්කරුවන් අතර මනා සබඳතාවක් ගොඩනැඟීම එහි අරමුණයි .

ඒ දවස ලස්සන කරන්න කලා ක්ෂේත්‍රයේ හිතවතුන් වගේම අදාළ ක්ෂේත්‍රයේ සහ වෙනත් ක්ෂේත්‍රවල වෘත්තිකයන් ද පැමිණ සිටියා.

ඔවුන්ගේ ඉදිරි වැඩ කටයුතුවලට my newslanka සුභ පතනවා.