ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා දිනය ජනපති ප්‍රධානත්වයෙන්
![ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා දිනය ජනපති ප්‍රධානත්වයෙන් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා දිනය ජනපති ප්‍රධානත්වයෙන්](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/janapathi.jpg)
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා 77වන සැමරුම අද (23) පෙරවරුවේ කටුනායක, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සමරා තිබෙනවා.
උත්සවය භූමියට පැමිණි ජනාධිපතිතුමා ආයතනයේ සේවක මහත්ම මහත්මීන් සමග සුහද කතාබහක නිරත වීමෙන් අනතුරුව සිවිල් ගුවන් සේවා කටයුතු ආශ්‍රිතව නව නිර්මාණකරුවන් ඉදිරිපත් කළ ප්‍රදර්ශනය නැරඹීමට එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
චිත්‍ර ශිල්පී රවීන්ද්‍ර දිසානායක මහතා කළ නිර්මාණයක් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගන්වා තිබෙනවා.
ගුවන් සේවා ඉතිහාසය හා ගමන් මඟ”, “සිවිල් ගුවන් සේවා නියාමන කාර්යභාරය සහ කොවිඩ් – 19 හමුවේ සිවිල් ගුවන් සේවාව ඉටුකළ මෙහෙවර” සහ සිවිල් ගුවන් සේවා ප්‍රවර්ධනය අලළා කෙටි වීඩියෝ දර්ශන තුනක් සැමරුම වෙනුවෙන් නිර්මාණය කර තිබූ බවද සඳහන්.
සිවිල් ගුවන් සේවා ක්ෂේත්රයේ උන්නතියට දැක්වූ දායකත්වය අගයමින් ගුවන් සේවා ක්ෂේත්රයේ ජ්‍යෙෂ්ඨයන් පස්දෙනෙකුට, කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් වසා තිබූ කාලපරිච්ජේදය තුළ අන්තර්ජාලය ඔස්සේ සිවිල් ගුවන් සේවා අධිකාරිය සංවිධානය කළ තරඟයකින් ජයග්‍රහණය කළ සිසුන් දහසක් සංකේතවත් කරමින් තිදෙනෙකුට සහ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කළ තවත් කිහිපදෙනෙකුට සම්මාන ජනාධිපතිවරයා අතින් සම්මාන පිරිනැමුණු බවද සඳහන්.
සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා විසින් ජනාධිපතිවරයාගේ පැමිණීම සනිටුහන් කරමින් සමරු තිළිණයක් පිරිනමා තිබෙනවා.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/269902492_454228449404141_7670024547184676304_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/269831185_454228429404143_5270278676594512146_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/269949933_454228426070810_5431536235690093437_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/Sagara-1068-650x433-1.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/Sagara-1035-1536x1023-1.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/Sagara-0810-650x433-1.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/269848569_454228352737484_8324044508252340480_n-650x433.jpg)