කැලණි ගඟට මිලියන දෙසීයක් දමයි
![කැලණි ගඟට මිලියන දෙසීයක් දමයි කැලණි ගඟට මිලියන දෙසීයක් දමයි](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/sadx.jpg)
2022 වසරේ කැලණි ගඟ සංරක්ෂණය සදහා රුපියල් මිලියන 200ක් වෙන් කිරීමට පියවර ගන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා.
සුරකිමු ගංගා වැඩ සටහන යටතේ ඉදිරි වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ (21)පස්වරුවේ පරිසර අමාත්‍යාංශයේ දී අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ බවයි පරිසර අමාත්‍යංශය නිවේදනය කළේ.
ශ්‍රී ලංකාවේ ගංගා පද්ධතිය තුළ ගංගා 103ක් තිබෙනවා.
ඒ අතරින් දැනට ජලය බරපතල ලෙස දූෂණයට ලක් ව ඇති ගංගාව වන්නේ කැලණි ගඟයි.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/SIL-FEA-p13-මුළු-කොළ_ඹම02.jpg)
කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ජනගහනයෙන් සියයට 85කටත් වඩා අවශ්‍ය පානීය ජලය ලබා ගන්නේ කැලණි ගඟෙන්.
එහෙත් ගඟ දෙපස පදිංචි ජනතාව මෙන්ම ඒ අවට ඇති කර්මාන්ත ශාලා හා වෙනත් සියලු ව්‍යාපාරික හා ව්‍යාපාරික නොවන ආයතනවලින් බැහැර කරන මල අපද්‍රව්‍ය ඇතුළු සියලු අපජලය බැහැර කරනු ලබන්නේ කැලණි ගඟටයි.
එමනිසා ලබන වසරේ දී කැලණි ගඟේ ජල සංරක්ෂණයට ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කිරීමට පරිසර අමාත්‍යංශය විසින් සැලසුම් සකස් කරන ලෙස අමාත්‍යවරයා දැනුම් දී තිබෙනවා.
ඊට සමගාමීව තවත් ප්‍රධාන ගංගා 05ක්වත් සංරක්ෂණයට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙසත් අමාත්‍යවරයා දැනුම් දුන් බව සඳහන්.
රජය විසින් ලබන වසර සඳහා සුරකිමු ගංගා වැඩ සටහනට රුපියල් මිලියන 2000ක මුදලක් වෙන් කර තිබෙනවා.
ඉන් රුපියල් මිලියන 200ක් කැලණි ගඟ සංරක්ෂණ ව්‍යාපෘති සඳහා වෙන් කරන ලෙස ද අමාත්‍යවරයා නිලධාරින්ට ප්‍රකාශ කර තිබෙනවා.